Total Pageviews

Tuesday, December 27, 2011

මිනී පෙට්ටියක් වුවමනා කර තිබේ.


ජර්මනියේ නට්සි පාලන සමයේ අධ්‍යපනය නටිසිකරණය කිරීම සිදු කරණු ලැබූ බැවින් එරට සමස්ථ අධ්‍යපන ක්‍රමවෙිදයම අවුලෙන් අවුලට පත් විය. 1934 අප්‍රේල් 30 වන දා විද්‍යා, අධ්‍යාපන හා ජනප්‍රිය සංස්කෘතිය පිළිබදව ඇමති ධුරයට පත් වූයේ හිටිලර්ගේ හිතවෙතකි. අනෙක් අතින් මොහු නට්සි පක්ෂයේ සාමාජිකයෙකු ද විය. බර්න්හාඩ් රූස්ට් නම් වන ඔහුගේ සුවිශේෂත්වය වන්නේ ඔහු කළක් මානසික රෝහලක ගත කිරීමය.


මේ වන විටත් උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුලෙන් අවුලට පත්ව තිබෙන අතර මේ වන විටත් අධ්‍යපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා විදෙස් ගතව සිටින අතර උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක ජන මාධ්‍ය ඉදිරියේ තව දුරටත් චන්ඩි පාටි දමමින් සිටියි. බර්න්හාඩ් රූස්ට් මානසික රෝහලක ප්‍රතිකාර ලබා සිය පදවියට පත්වද්දී එස්.බී මේ පදවියට පත්වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට පැමිණිමෙන් අනතුරුවය. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් පවා සිර දඩුවම් ලබා තිබීම සාමාන්‍ය දෙයක් වුවද කට වරද්දාගෙන සිරගත වූ මේ අමාත්‍යවරයාත් යවන්නට තිබුනේ වැලිකඩට නොව අංගොඩට බව දැන් පසක් කර අවසන්ය.
සාමාන්‍යයෙන් රටක් පාලනය කරණු ලබන්නේ ව්‍යවස්ථාදායක, විධායක, හා අධිකරණ යන ආයතන තුන මගිනි. මේ ආයතන අතර සංවරණය හා තුගනය පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණය වේ.
සාමාන්‍යයෙන් ලංකාවේ විධායක ජනාධිපතිවරයා සුපර්ස්ටාර්ලාට සුභ පැතීමේ සිට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරණු ලැබීමට නියෝග කිරීම දක්වා සියල්ලටම මැදිහත් වන තත්ත්වයක් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි දෑ කළ හැක්කේ එක්කෝ සර්වබලධාරී දෙවියන් වහන්සේටය. නැතිනම් ඒකාධිපති හිටිලර්ලාටය. ලංකාව මේ වන විටත් ආර්ථිකයේ සිට අධ්‍යපනය දක්වා සියල්ල රාජපක්ෂ පවුල් පාලනයේ අණසකට නතුකරගෙන හමාරය.
ලෙනින් සමාජවාදී විප්ලවයෙන් අනතුරුව එරට අධ්‍යපනය සම්බන්ධයෙන් සිය මතය පළ කරමින් ප්‍රකාශ කරණු ලැබූවේ පළමුව අධ්‍යාපනය. දෙවනුව අධ්‍යාපනය. තෙවනුව ද අධ්‍යාපනය යනු වෙනි.ලංකාවේ අධ්‍යපනය මේ වන විටත් මරා දමා අවසන් බැවින් දැන් අවශ්‍යව ඇත්තේ මියගිය අධ්‍යපනය වලලන්නට මීනි පෙට්ටියක් පමිණි.

No comments:

Post a Comment