Total Pageviews

Tuesday, January 3, 2012

බේබි නාරං සහ බේබි නාමල්

පසුගිය දවසක පිට කොටුවේ පදිකවෙිදිකාව දිගේ ඇවිදගෙන යන කොට එක පාරටම මගේ කකුලට බිම වැටිලා තිබුන බෙිබි නාරං ගෙඩියක් පෑගුනා. පෑගුන වෙිගයට මේ බේබි නාරං ගෙඩිය චුරු පටිටම් වෙලා ගියා. ඒ වෙිලාවේ මට ඒ ගැන මොකුත් හිතුනේ නෑ. මොකද හැම තැනම බෙිබි නාරං තියෙනවානේ අනික පිට කොටුවට දවසකට මොන තරම් නම් සෙනගක් එනවා ඇත්ද? ඒ එන හැම සෙනගටම මේ වගේ පොකුරෙන් ගිලිහිලා බිමට වැටුන නාරං ගෙඩි කීයක් නම් පෑගෙනවා ඇත්ද? මේ බේබි නාරං වෙළෙද පොලට ආවේ මෑතක ඉදලයි. මීට ඉස්සර වෙළෙද පොලේ තිබුනේ ලොකු නාරං විතරයි.

මේ බෙිබි නාරං වල තියෙන විශේෂත්වය තමයි. මේවා විකුණන්නේ පොකුර පිටින්ම මල්ලකට දාලයි. තනි තනි ගෙඩි වශයෙන් විකුණන්න වෙළෙන්දො කැමතිත් නැහැ. පාරිභෝගිකයෝ මේවා තනි ගෙඩි වශයෙන් ගන්න කැමතිත් නෑ. ඒ නිසා කොටින්ම කියනවා නම් බෙිබි නාරං කියන්නෙම පොකුරකටයි. මේ පොකුරෙන් ගිලිහිලා බිම වැටුන ගමන්ම වෙන්නේ මගේ කකුලට පෑගුනා වගේම කාගෙ හරි කකුලකට පෑගිලා පොඩි පටිටම් වෙලා යන එක විතරයි. මේ නිසා තමයි අද වෙන කොට දැල් කූඩයක දාලා රුපියල් සියයකට ගෙඩි ගොඩක් තියෙන බෙිබි නාරං මල්ලක් විකුණන්නේ.
මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවය විසින් විශාල කැරැල්ලක් ගහලා අන්තිමට කරූ ජයසූරිය මහත්තයට යන එන මං නැති කරලා රනිල්ව බලයෙන් පහ කරලා බලයට එන්න දගලපු දැගලිල්ල නොදන්න කෙනෙක් නෑ. ඒ වුනත් අන්තිමට ආයෙම වතාවක් රනිල් කොහොම හරි බලයට පත් වූනා. මේ සජිත් ප්‍රේමදාස කියන්නේ බෙිබි නාරං ගෙඩියකට තියෙන ජීවමාන උදාහරණයක් කියලලයි මට හිතෙන්නේ. කවුරු හරි එක්ක සන්ධාන ගහගෙන ගොඩක් කටිටිය වට කරගෙන ඉන්න කොට චන්ඩියෙක් වගේ කතා කළත් කාත් කවුරුවත් නැති වුන ගමන් මිනිහා සුනඛ පෝතකයා වගේ නැටිට අහවල් තැන ගහගෙන තමන්ගේ පාඩුවේ ඉන්නවා. මීට බොහෝ කලකට පෙර හම්බන්තොටට වෙලා තටිට තනියම ඉන්න කාලේ මෙයා හරියටම පොකුරෙන් ගිලිහුන බෙිබි නාරං ගෙඩියක් වගේමයි. ඒ වුනත් දැන් මිනිහව ආයෙමත් කෙලී මහා රාජා කියන මාධ්‍ය මුදලාලි විසින් මල්ලකට දාලා විකුනන හදනවා. මේ පොකුරට සෙට් වෙලා ඉන්න බුද්ධික, ශිරාල්, දයාසිරි, රෝසි,සුජීව වගේ ගොඩක් අයත් බේබි නාරං වගේ කියලයි මට හිතෙන්නේ. මොකද පොකුර පිටින්ම විතරයි මේ අයව විකුණන්න පුලුවන්. ඒ වගේම මෙයාලා විකිනෙන්නේ පිට කොටුව වගේ පහත් තැන් වල නෙමෙයි. කෙලී රාජාමහේන්ද්‍රන්ගේ සිරස සුපර් මාර්කට් එකෙදී තමයි මේ අයව විකුණන්නේ. මෙයාලා හිතන් ඉන්නේ ඒක මාර ලොකු වැඩක් කියලයි. ඒ වුනත් පොකුරෙන් කැඩිලා බිමට වැටුනම තමයි මේ අයට මේකේ රගේ තේරෙන්නේ. පිට කොටුවේ බිම වැටෙන බෙීබි නාරං සාමාන්‍ය මිනිස්සුන්ගේ පටය පෑගිලා පොඩි වෙලා යන නිසා අඩුම තරමේ පොදු ජනතාව දැන ගන්නවා දෙයියනේ මේ බෙිබි නාරං ගෙඩියක් නේද කියලා ඒ වුනත් සුපර් මාර්කට් වලදී බිමට වැටුනම කාටත් නොපෙනෙන්න කුණු බාල්දියට විසි කරනවා. නැත්නමි තැලිච්ච ටික අයින් කරලා බිකි ගලවලා විවිද පලතුරු කෑලි එක්ක කවලම් කරලා අඩු ගාණට විකුණනවා.
මේ දවස් වල බෙිබි නාරං ගෙඩියක් වගේ ඉන්න තවත් කෙනෙක් ගැන මට මතක් වුනා. එයා ඉන්නේ රාජපක්ෂ පවුල කියන දැල් කූඩය තුලයි. මේ කූඩයේ විවිධ බෙිබි නාරං ගෙඩි ගොඩක් තියෙනවා. වැදගත්ම නාරං ගෙඩිය බෙිබි නාමල් කියලා අපට කියන් පුලුවන්. මෙයත් තවම දන්නෑ මෙයා බෙිබි නාරං ගෙඩියක් කියන එක. මොකද මෙයා කවදාවත්ම මේ දැල් කූඩයෙන් එළියට වැටිලා නෑනේ. ඉතින් මොයා හිතාගෙන ඉන්නේ දැල් කූඩය තමයි ලෝකය කියන්නේ කියලා. ඒ වුනත් කවදා හරි දවසක මේ කූඩයෙන් නිකම්ම නිකම් බේබි නාරං ගෙඩියක් විදිහට බිමට වැටුනොත් මොනවා සිද්ධ වෙයිද? වැහිලිහිණියාට වැස්ස එන බවට හරියටම අනාවැකි කියන්න පුලුවන්. ඒ නිසා අවසාන් ලෙස කියන්න තියෙන්නේ වසන්ත කාලයට පස්සේ ශීත කාලය එනවා කියන එක සහතිකයි. මේ නිසා දැන් අපට කියන්න වෙන්නේ වසන්තය එනවා සත්තකයි කියලා නෙමෙයි. ශීත කාලය එනවා සත්තකයි සහතිකයි කියලලයි....

No comments:

Post a Comment