Total Pageviews

Tuesday, January 10, 2012

ලසන්ත, මහින්ද සහ ලංකාවේ ජන මාධ්‍ය


ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් ජනවාරී මාසය යනු කලු පැල්ලම් රාශියක් එක් වූ මාසයකි. මීට වසර තුනකට පෙර ජනවාරී මස 08 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී නාදුනන නමුත් දන්නා තුවක්කුකරුවකු විසින් ඝාතනය කරණු ලැබීය. මීට වසර තුකට පෙර සිදු වූ ඒ ඝාතනයත් තවත් එක් නඩු නැති ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. මේ ලිපිය මගින් ලසන්තගේ ගුණ දොස් විචාරය කරන්නට අදහස් නොකරන අතර මෙම ලිපිය මගින් අපේක්ෂා කරන්නේ ලංකාවේ සමස්ථ ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සාධනීය කතිකාවකට මුල පිරීමට පමණි.


Thursday, January 5, 2012

දෙමලු හතලිස් දාහක් මරපු අපට සුද්දා කජජක්ද


මගේ ඉතාලි යාඵවෙක් ඉන්නවා එයාගේ නම වැලේරියා. එයාට දුවෙක් ඉන්නවා වයස අවුරුදු 25ක. වැලේරියාගේ හස්බන්ඩ් ප්‍රංශජාතිකයෙක්. මෙයා දවසක් මගෙ එක්ක කතා කලා විවිධ රටවල තියෙන සංස්කෘතික වෙනස් කම් ගැන. අපි ගොඩක් ඒ ගැන සංවාද කලා. මම දිගින් දිගටම එයාට ඔප්පු කරන්න උත්සහා කලේ ඉතාලියේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය තවමත් මොනතරම් නම් ශ්‍රේෂ්ඨද කියන එකයි.

Tuesday, January 3, 2012

බේබි නාරං සහ බේබි නාමල්

පසුගිය දවසක පිට කොටුවේ පදිකවෙිදිකාව දිගේ ඇවිදගෙන යන කොට එක පාරටම මගේ කකුලට බිම වැටිලා තිබුන බෙිබි නාරං ගෙඩියක් පෑගුනා. පෑගුන වෙිගයට මේ බේබි නාරං ගෙඩිය චුරු පටිටම් වෙලා ගියා. ඒ වෙිලාවේ මට ඒ ගැන මොකුත් හිතුනේ නෑ. මොකද හැම තැනම බෙිබි නාරං තියෙනවානේ අනික පිට කොටුවට දවසකට මොන තරම් නම් සෙනගක් එනවා ඇත්ද? ඒ එන හැම සෙනගටම මේ වගේ පොකුරෙන් ගිලිහිලා බිමට වැටුන නාරං ගෙඩි කීයක් නම් පෑගෙනවා ඇත්ද? මේ බේබි නාරං වෙළෙද පොලට ආවේ මෑතක ඉදලයි. මීට ඉස්සර වෙළෙද පොලේ තිබුනේ ලොකු නාරං විතරයි.

Monday, January 2, 2012

ව්‍යයතිරේඛය නීතිය වීම


යම් රටක් පාලනය කිරීමේ දී ප්‍රධාන වශයෙන්ම වැදගත් වන මූලධර්ම අතර අතිශයින්ම වැදගත් වන මූලධර්මයක් වන්නේ නීතියේ පාලනය නැතිනම් නීතියේ ආධිපත්‍යයයි. රටක් යනු සමාගමක් හෝ එවැනි යම් ව්‍යාපාරයක් නොවන අතර රටක් යනු වර්තමානයට පමණක් නොව අනාගත පරම්පාරවටද උරුම විය යුතු දෙයකි.