Total Pageviews

Wednesday, December 28, 2011

සංකේතීය පියා නැති ලංකාවේ හැපි ෆැමිලි එක

video
ඉහත වීඩියෝව නම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා හැපි ෆැමිලි යන නමිනි. මේ වීඩියෝව නරඔන බොහෝ උදවිය පවසන එක් සාමාන්‍ය කතාවක් වන්නේ කොච්චර හොදද ඔහොම තමයි පවුලක් උනාම ඉන්න ඕනේ බලන්න හරිම සමගියෙන් ඉන්න පවුලක් ලංකාවේ හැම පවුලක්ම මේ වගේ සතුටින් සන්තෝෂයෙන් ඉන්නවා නම් කොච්චර නම් හොදද කියාය.

මේ පවුලේ මව පියා දරුවන් අතර කිසිදු පරතරයක් වෙනසක් නැත පියා මව දුව පුතුන් සියලු දෙනාම එකාවන්ව මහත් සතුටින් කල් ගත කරයි.
නමුත් මේ ශ්‍රි ලංකාවේ හැපි ෆැමිලි එක සම්බන්ධයෙන් යමක් කියන්නට අදහස් කලේ මේ හෝම් වීඩියෝව මේ වන විටත් අන්තර්ජාලයේ යූ ටියුබ් ඔස්සේ ලක්ෂයකට අසන්න ප්‍රමාණයක් නරඹා තිබෙන බැවිනි. ලාංකීය සමාජය ධනවාදයේ තෙවන කාර්තුව පසු කරමින් පවතින මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ මේ විඩියෝවේ නිරුපිත පියාගේ භූමිකාවයි. මේ පියාගේ භූමිකාවට ඉතා සමාන අයෙකු වශයෙන් අපට ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා හදුන්වන්නට පුලුවන. ඔහු සිය දරුවන් සමග ගත කරන්නේ මීට සමාන ජීවිතයකි. මේ නිසාම ඔහු ජනමාධ්‍ය හමුවේ පවසන්නේ මම දන්නවා ගායාන් බඩු පස්සේ යනවා මල් ගහනවා ඒවා මට ප්‍රශ්ණයක් නෙමෙයි. මොකද මමත් බඩු ගහනවා මල් ගහනවා ගයාන් විතරක් නෙමෙයි අපේ පවුලේ හැමෝම ඒක දන්නවා ඒ වුනත් සතුටින් ඉන්න මේවා අපිට කවදාවත් බාධාවක් වුනේ නෑ. මීට සමානව ලංකාවේ ජනප්‍රිය පවුල් බොහොමයක පියා කියන්නේ සුනිල් පෙරෙරා වර්ගයේ අයට තමයි. මේ වීඩියෝවේ ඉන්න පියා යනු ලංකාවේ පහළ මධ්‍යම පන්තියේ පියාගේ භූමිකාව කදිමට නිරූපණය කරණ අයෙක් වශයෙන් අපට හදුන් වන්න පුලුවන්.
මේ වන විටත් ලාංකීය සමාජය පශ්චාත්-නූතන සමාජයෙන් විනෝද සමාජයක් දක්වා පොලා පැන අවසන්ය. මේ නිසා අපට මහපාරේ, කඩපිලේ, සුපිරි වෙළෙද සැල්වල සිට ගලදාරී හෝටලය දක්වා සියලු තැනි හීදි මුණ ගැසෙන්නේ අනන්‍යතා අර්බුදයකට ලක්ව සිය අනන්‍යතාවය යළි සොයා ගන්නට වෙහෙසෙන ශරීරයෙන් වැඩිහිටි මනසින් ළමුන් වන වැඩිහිටි ශරීරයන්ය.
මේ ආකාරයට ලාංකීය සමාජය තුල අපට මුණ ගැසෙන හිස්ටරික ගැහැනුන් යනු අන් යමෙකු නොව මේ වීඩීයෝවේ නිරූපිත දියණියට සමාන දියනියන් වන අතර මේ කාලයේ මස්පිඩු පුම්බාගත් විපරීත පුතුන් යනු මේ විඩියෝවේ දගලන පුතුන්ය. මෙය සමස්ථ ලාංකීය ජන සමාජයේ අවිඥාණික ආශාව තේරුම් ගත හැකි කැඩපතක් වශයෙන් හදුන්වන්නට පුලුවන. මේ මොහොත වන විටත් මහා අනෙකා නැති නම් සම්මුති අනෙකා මුලුමනින්ම බිද වැටුන සමාජයක කුඩා සම්මුති අනෙකුන් බුරුතු පිටින් බිහිවෙමින් පවතී. පශ්චාත් නූතන තත්ත්වය තුල මහා අඛි්‍යයානය වෙනුවට චූල ආඛ්‍යාන ගණනාවක් ආදේශ වන්නට පටන් ගෙන තිබේ. උදාහරණයක් ලෙස මහා අනෙකා ගේ පාලනය පවතින බවට විස්වාස කල සමාජයක මේ වන විටත් මහා අනෙකා බිදවැටී තිබෙන බැවින් මහා අනෙකාගේ පාලනය යනුවෙන් මෙතෙක් පැවති සැබැවින්ම දෘෂ්ශමාන නොවු විශ්වාසය වෙනුවට කුඩා අනෙකුන් ඇත්තටම සමාජය ඉදිරියේ පාර්දූර්භූත වන්නට පටන් ගෙන ඇත. මෙය උදාහරණයක් ආශයෙන් පැහැදිලි කරන්නේ නම් ඉස්සර පන්සලකට ගොඩ වන විට පන්සලේ ඉදිරිපස සිය පාවහන් තබා යන්නට විස්වාසයක් පිංවතුන් තුල වූයේ මහා අනෙකාගේ නැති නම් සම්මුති අනෙකාගේ පාලනය සාමාජය තුල ක්‍රියාත්මක වූ බැවිනි නමුත් අදනව විට මහා අනෙකා වෙනුවට කුඩා අනෙකුන් ගණනාවක් පන්සල් ඉදිරිපිට පාවහන් ආරක්ෂා කරන්නට මුදලට පහසුකම් සපයමින් සිටයි. මෙයින් අපට පසක් වන්නේ මේ වන විටත් ලාංකීය සමාජයේ මහා අනෙකා නැතිනම් සම්මුති අනෙකා අතුරුදන්ව තිබෙන බවය.
මහා ආඛ්‍යන වෙනුවට චූල ආඛ්‍යන රජ වූ සමාජයක කාල් මාක්ස් එංගල්ස් හෙගල් වැනි යථාර්තය පවතින බවට විස්වාස කළ මහා දාර්ශණිකයන් වෙනුවට ඕෂෝ වැනි චූල සම්ප්‍රදායේ දාර්ශණිකයන් වැහි කරළියට එන්නේ මේ නිසාවෙනි. අනෙක් අතට බදු දහම දාර්ශණික හරයකින් ඉදිරිපත් කළ රේණුකානේ හිමියන් වැනි මහා ආඛ්‍යන වෙනුවට සෝම හිමි වර්ගයේ චූල ආඛ්‍යන ලාකේය යථ බවට පත් වන්නේ අහම්බයකින් නොවේ. අවසානයේ ජනප්‍රිය අසපු බුදු දහම හමුවේ අපට ඉතිරි වූයේ පිටිදූවේ සිරිධම්ම නැතිනම් නූතන සමන්ත භද්ර වර්ගයේ චීවරදාරී ව්‍යාපාරිකයන්ය. මේ නිසා අප පැහිදිලිවම මේ වන විටත් ලංකාවේ මහා අනෙකා නැතිනම් සම්මුති අනෙකා බිද වෑටී ඒ වෙනුවට කූඩා අනෙකුන් බුරුතුපිටින් බහිවී ඇතැයි කියන්නේ නිකමට නොවේ.
මේ වීඩියෝවේ නිරූපිත පියාගේ භූමිකාවට අවිඥාණිකව බොහෝ ලාංකීය පිරිමින් හා ගැහැනුන් ආශක්ත වන්නේත් ඒ නිසා දින ගණනක් තුල මේ වීඩියෝව ලක්ෂයක් පමණ වූ ලාංකිය පවුල් නරඹන්නේත් ලාංකීය පහළ මධ්‍යම පන්තියේ සිහිනය මෙය වන නිසාමයි.
සාමාන්‍යයෙන් මනෝ විශ්ලේෂණය අනුව මේ තත්ත්වය හදුනා ගැනීමේ දී මවගේ ශරීරයේම දිගුවක් සේ මවට හැගෙන දරුවා මවගේ ගර්භාෂයෙන් සංකේත ලෝකය තුලට මවගේ පෙකණි වැලෙන් ගිලිහී ඇතුලු වූ විගස මේ සංකේත ලෝකය තුල දරුවාගේ ලොකය ව්‍යුහගත කිරීමට තුන්වැනියෙකුගේ මැදිහත් වීම අවශ්‍ය වේ. මේ තුන්වැනියාගේ මැදිහත් වීම යනු සංකේතීය පියාගේ භූමිකාවයි. මව පමණක් සිටින පවුලක නම් පවුලේ වෙනත් වැඩිහිටියෙකු මේ සංකේත පියාගේ භූමිකාව නිරූපණය කරන්නට පුලුවන. මේ නිසා සංකේතීය පියා යනු ජීව විද්‍යාත්මක පියාම යැයි කියන්නට නොහැකිය.
මේ සංකේතීය පියාගේ භූමිකාව නිවරදිව ඉටු නොවන තත්ත්වයක් තුල අපට දක්නට ලැබෙන්නේ ඉහත වීඩියෝවේ නිරූපිත පවුල්ය. මේ පවුලේ සිටින්නේ හිස්ටරික දියණියක් හා විපරීත පුතුන් දෙදෙනෙකි. මෙවැනි මානසික රෝගීන් බිහි වන්නේ පියාගේ භූමිකාව එනම් සංකේතීය පියාගේ භූමිකාව මේ වන විටත් මහා අනෙකා පරිදිදෙන්ම විකාරයක් බවට පත්ව තිබෙන බැවිනි.
බොහෝ ලාංකීය පවුල් තුල දරුවෙකු අලුත උපන් පසු පියාගේ භුමිකාව නිවරදිව දරුවා සංකේතීය ලෝකය සමග මුසු කරන්නට කටයුතු කරනවා වෙනුවට සිදුව තිබෙන්නේ කුමක් ද? දරුවේ චූ කක්කා ආශාවෙන් අතේ අටේ ගා ගන්නා මවගේ යට ඇදුම් සෝදන ගෙරදට එන ඥාතීන්ට සංග්‍රහ කරණ  තමන් අවට ලෝකයට ගැලපෙන පරිදි දරුවාගේ ලෝකය ව්‍යුහගත කරණවා වෙනුවට දරුවාට අවශ්‍ය පරිදි තමන්ගේ ලෝකය ව්‍යුහගත කරණ ආරක්ෂනවාදී පියවරුන්ය. මේ ආරක්ෂණවාදී පියා යනු පූර්වජ පියා මෙන්ම දරුවන් මානසික රෝගීන් බවට පත් කරන්නට උපකාර කරනවුන් සේ හදුන්වන්නට පුලුවන. පියාගේ සංකේත නීතිය තුල නිවරදි ආකාරයෙන් සංකේත ලෝකයට ඇතුලත් නොවූ විට දරුවන් විපරීතයන් බවට පත් වීම ස්වභාවිකය.
මේ මෑතකදී රටේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ නාමල් රාජපක්ෂ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමය. මෙහිදී ඔහුට එල්ල වන ප්‍රබලතම චෝදනාව වන්නේ සංකේත පිළිවෙල අවුල් කරමින් තමන්ට අභිමත ආකාරයට සියල්ල ඉටුකර ගැනීමය. නාමල් නිවරදි ආකාරයට සංකේත පීළිවෙල තුලට ඇතුලුව තමන්ට අභිමත ආකාරයට ලෝකය ව්‍යුහගත නොකර ලෝකයට අවශ්‍ය ආකාරයට ඔහුගේ ලෝකය ව්‍යුහගත කරණු ලැබූවේ නම් එනම් සංක්තීය පියාගේ භූමිකාව සිය පියා විසින් නිවරදිව නිරූපණය කරණු ලැබුවේ නම් ඔහුට මෙවන් විපතක් වන්නේ නැත. ඒ අතින් මහින්ද යනු සිය පුතාට ආදරය කරණ පියෙකු නොව සිය පුතාගේ ජීවිතය විනාශය කරා ගෙන යන අයෙකු නොවන්නේ ද?
මෙවැනි පියෙකු රට පාලනය කරණ අවධියක් උසස් පෙළ ප්‍රතිපල වල සිට සියල්ල අවුල් ජාලයක් බවට පත් වීම අහම්බෙන් නොව අනිවාර්යයකි. මේ නිසා මේ ලාංක්ය හැපි ෆැමිලි එකෙන් අපට උගෙන ගන්නට තිබෙන පාඩම් බොහෝය.

1 comment:

  1. krishantha hewageegaanaDecember 11, 2014 at 3:51 PM

    වටිනා ලිපියක් ,සරල ලෙස පැහැදිලි කිරීම ඉතා අගෙයි
    ක්‍රිෂාන්ත හෙවාගිගන

    ReplyDelete