Total Pageviews

Monday, January 2, 2012

ව්‍යයතිරේඛය නීතිය වීම


යම් රටක් පාලනය කිරීමේ දී ප්‍රධාන වශයෙන්ම වැදගත් වන මූලධර්ම අතර අතිශයින්ම වැදගත් වන මූලධර්මයක් වන්නේ නීතියේ පාලනය නැතිනම් නීතියේ ආධිපත්‍යයයි. රටක් යනු සමාගමක් හෝ එවැනි යම් ව්‍යාපාරයක් නොවන අතර රටක් යනු වර්තමානයට පමණක් නොව අනාගත පරම්පාරවටද උරුම විය යුතු දෙයකි.

එක් පරම්මරාවක ඉතිහාසය වසර පනහක් සියයක් වූවාට රටක ඉතිහාසය යනු වසර දස දහස් ගණනක සිට පැවත එන්නකි. පුරාතනයේ ග්‍රෝතික සමාජයක්ව පැවති ලෝකය මිනිසාගේ බුද්ධි මහිමයේ ප්‍රතිඑලයක් වශයෙන් නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් දක්වා පරිණාමයට භාජනය වීම සිදු විය. ස්වභාව ධර්ම හා සියල්ල ස්වභාවික යැයි සිතූ සමාජයක සිට නූතන සංස්කෘතික වටිනාකම් සහිත ලෝකයක් දක්වා ආ දිගු ගමන අවසානයේ අපට ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පය මුණ ගැසෙන අතර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ඔබ්බට යම්න් සමාජප්‍රජාතන්ත්‍රවාදයෙන් සමාජවදිී සමාජයකටත් අනතුරුව පංති විරහිත කොමියුනිස්ට් සමාජයකටත් ලෝකය ගමන් කර මේ ලෝකය ජනතාවට ජීවත් වන්නට වඩාත් හිතකර සමාජයක් බවට පත් කරන්නට අවශ්‍ය බව ලෝකයට පළමුව කියා දුන් ශ්‍රේෂ්ඨ දාර්ශණිකයන් යනු පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කර සිය ලේ,කදුලු, දහදිය මේ මිහිකත වෙසෙන සියලු මනුෂ්‍යවර්ගයාගේ යහපත වෙනුවෙන් පූජා කල පරමාදර්ශයන්ය. කාල් මාක්ස්, ෆෙඩිරික් එංගලස්, වී.අයි ලෙනින් , අර්නස්ටෝ චේ ගුවේරා යනු සිය පෞද්ගිලික අභිලාෂයන්ට වඩා සමාජ අභිලාශයන් ප්‍රමුඛ කොට සැලකූවන්ය. මේ නිසාම මේ වන විටත් මේ මිහිතලයේ ඉපිද සිය පෞද්ගලික අභිලාශයන් වෙනුනේ ඕනෑම කැත වැඩක් කරන්නට සූදානම් වූ දස දහස් ගණන් මිනිසුන් අතර කිසිදාක මිය නොයන අමරණීය මිනිසුන් බවට ඔවුන් සැම පත්ව තිබේ. මේ උදාර මිනිසුන් මේ ලෝකයට ඉගැනු වූ පාඩම නම් සිය පෞද්ගලික ජීවිතයේ සැපතට වඩා සමාජ ජීවිතය වෙනුවෙන් නිස්සරණා අධ්‍යසයෙන් වැඩ කිරීම කළ නොහැක්කක් නොවන බවයි.
අයහපතට වඩා යහපත ද නරකට වඩා හොදද අශිෂ්ඨත්වයට වඩා ශිෂ්ඨත්වය ද අසාධාරණයට වඩා සාධාරණය ද අවනීතියට වඩා නීතිය ද හොද බව පිළි නොගන්නා අයෙකු මේ මිහිපිට සිටිනවා නම් සැබැවින්ම ඔහු මානසික රෝගියෙකු වන්නට පුලුවන. මේ නිසා ඉහත සංකල්පයන් යමෙකු නිවරදිව සංජානනය කරන්නේ ද එසේ නම් ධනවාදයට වඩා සමාජවාදය වඩා යහපත් බවටද ඔහුට පිළිගෑනිමට සිදු වීම අහම්බයක් නොව අනිවාර්යකි. අඩුම තරමේ එය පිළිගන්නට දැනට අකමැති අයෙකු සිටින්නේ නමි ඔහු ඒකාධිපතිවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අගනා බව පිළිගත යුතුමය.
රටක් පාලනය කිරීමේ මූලික මූලධර්ම අන්තර්ගත ලේඛණයට අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි කියන්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු එම රටෙහි ප්‍රමුඛතම නීතිය වන අතර එය ස්වාධීන පැවැත්මකින් හෙබි නිසාම සියල්ලෝම එහි පාලනයට යටත්ය. එය රටක විධායක ජනාධිපතිවරයාගේ සිට පදික වේදිකාවේ සිටන යාචකයා දක්වා සියල්ලන්ටම එක සමානව අදාලය. ඒ අනුව රටක් පාලනය කිරීම මූලික වශයෙන් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන පද්ධතීන් තුන මගින් කරණු ලබන අතර අතිශයින්ම වැදගත් වන්නේ මේ ආයතන අතර සංවරණ හා තුලනය නිවරදිව පවත්වාගෙන යාමය. එක් ආයතනයක් තවත් ආයතනයක වැඩ කටයුතු අධික්ෂණය කරන්නාවූත් එක් ආයතනයක් තවත් ආයතනයක් අභිබවා යා නොහැකිවූත් ක්‍රමවෙිදයකට අප සංවරණ හා තුලනය යැයි කියන්නෙමු. මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට ගරු කරමින් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනතා නියෝජිතයන් යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලය තමන් වෙනුවෙන් ක්‍රියාවට නගන ජනතා නියෝජිතයන් නැතිනම් ජනතාවගේ සේවකයන්ය. මෙය මෙරට විධායක ජනාධිපතිවරයාගේ සිට තංගල්ලේ දී විදේශිකයෙකු අමානුෂික අන්මින් ඝාතනය කළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දක්වා සියලු ජනතා නියෝජිතයන්ට එක සමානව අදාලය. රටක් පාලනය කිරීමේ දී ප්‍රමුඛතාවය පිරිනැමිය යුත්තේ නීතියේ පාලනය කෙරෙහිය. එනම් නීතියේ පාලනයෙන් පිට පනින්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී තත්ත්වය මෙයයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ව්‍යයතිරේඛයක්ව පවතින ඒකාධිපතිවාදය තුල තත්ත්වය මෙයට සමාන නැත. එහිදී ඒකාධිපති පාලකයා නීතියේ පාලනයට එපිටින් සිටිමින් තමන්ට හා තම අත්තේවාසීකයන්ට අවැසි පරිදි රාජ්‍ය පාලනය කරගෙන යනු ලබයි.
මේ ක්‍රමදෙකට උදාහණ වශයෙන් අපට බොහෝ උදාහරණ ගත හැකි අතර ඒකාධිපතිවාදය සම්බන්ධයෙන් ජනප්‍රියතම උදාහරණය වන්නේ ජර්මනියේ අඩෝර්ෆ් හිට්ලර් ගේ නාසි පාලනයයි. මේ පාලන ක්‍රම දෙකටම වඩා වෙනස් පාලනයක් ලෝකයේ පැවතියේ නම් ඒ රුසියාවේ ජෝසප් ස්ටාලින්ගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ ස්ටැලිනාසිවාද වශයෙන් හැදින් විය හැකි පාලනයයි. ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නාසිවාදි ඒකාධිපතිවාදයක් යැයි සමහරුන් වර නැගුවත් මේ රටේ පවත්න්නේ ස්ටාලින්ගේ නාසිවාදය බව දිනෙන් දින සිදුවන දෑ නිවරදිව සංජානනය කිරීමේ දී අපට දැක ගන්නට පුලුවන. උදාහරණයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වශයෙන් අප හදුන්වන ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල රාජ්‍ය නායකයා සිය පෞද්ගලික මට්ටමෙන් රටේ දුරකතන හිමි සෑම අයෙකුටම නව වසරට සුභ පැතුම් පණිවිඩ නිකුත් කරන්නේ නැත. එමෙන්ම නාසිවාදී ඒකාධිපති හිටිලර් විසින් ද මෙවැන්නක් නොකරණ බව අපට සක් සුදක් සේ පැහැදිලිය.
මේ රටේ මේ වන විටත් ක්‍රියාත්මක් වන්නේ නීතිය නොව ව්‍යයතිරේඛ බවට වන තර්කය ගොඩ නගන්නේ මේ පදනමේ සිටය. එය උදාහරණ කිහිපක් ඇසුරෙන් තව දුරටත් පැහැදිලි කරගත හැකිය.
සාමාන්‍යයෙන් ලංකාවේ ඇප පනතේ තිබෙන ප්‍රතිපාදනයක් අනුව කියවෙන්නේ ඇප ලබා දීම රීතිය විය යුතු බවත් ඇප ලබා දීම ව්‍යයතිරේඛය විය යුතු බවත්ය. එනම් ඇප ලබා දීම නීතිය වශයෙන් ක්‍රියාත්මක වුවද යම් විශේෂ තත්ත්වයන් යටතේ ඇප ලබා දීම ප්‍රතික්ශේප කරන්නට හැකි බවය. එමෙන්ම අප ආණ්ඩුක්‍රම ව්‍යනස්ථාවේ තුන්වන පරිඡ්චේදයෙන් නීරූපිත මුලීක අයිතිවාසිකම් කිසිදු සිමා කිරීමකට හෝ යටපත් කිරීමකට ලක් කළ නොහැකිය. නමුත් මෙයට ව්‍යයතිරේඛයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දාහත්වන ව්‍යවස්ථාව මගින්ම දක්වා තිබේ. එනම් රාජ්‍ය හෝ ජාතික ආරක්ෂාව හා තවත් හේතූන් කිහිපයක් මත තුන් වන පරිඡ්චෙිදයෙහි දැක්වෙන අයිතිවාසිකම් සීමා කරන්නට ව්‍යයතිරේඛයක් වේ. නමුත් මේ වන විටත් ලංකවේ සිදු වන්නේ ව්‍යයතිරේඛය නීිතිය වී නීතිය ව්‍යයතිරේඛයක් බවට පත් වී තිබීමය.
මේ නිසාම අපේ රටේ ජනිධිපතිතුමා ජනවාරී පළමු වෙනිදාට රටේ ඉන්න සැමට පෞද්ගලිකවම සුභ පතයි. සාමාන්‍යයෙන් රටේ මහා මාර්ග වසා වාහන ධාවන තරග පවත්වන්ට නොහැකි වුවද ජනාධිපති පුත්‍රයා තමන්ට කැමති පරිදි මේ දේ කරයි. සියලු රාජ්‍ය නිළධාරීන්ට අරලිය ගහ මන්දිරයේ දන්සල් පවත්වයි. සාමාන්‍යයෙන් අධිකරණයෙන් වරදකරු කරණු ලෑබූ අයෙකුට ජනාධිපතිවරයාට සමාව පරිනමන්නට පුලුවන. නමුත් මේ ව්‍යතිරේඛය භාවිතා කළ යුත්තේ බෙහෝ කල්පනාවෙනි. නමුත් ජනාධිපතිවරයා ස්ත්‍රි දූෂකයන්ට ජනාධිපති සමාව ලබා දෙනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුය. නීතිය අනුව නාගරික සංවර්ධන අධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයිති අදාල අමාත්‍යාංශයන්ටය. ව්‍යයතිරේඛිව නමුත් මේවා මේ වනවිටත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර අවසන්ය. විභාග ප්‍රතිපල නිකුත් කිරීම බාර කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. නමුත් විභාග ප්‍රතිඵල නිකුත් කරන්න යැයි ජනාධිපතිවරයා නියෝග කරයි. ප්ලාස්ටික් කූඩ සම්බන්ධ නීතියක් ගෙන ආ විට ( තීරණයක් ලෙස එය නිවරදි යැයි කියනවා නෙවේ.) එය මසකින් කල් දමන්නට ජනාධිපති නියෝග කරයි. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිතිය අනුව ලබා දී තිබෙන පොලිස් හා ඉඩම් බලතල ලබා නොදෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කරයි. යුදධය මේ වන විටත් නිමා වී වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතව ඇතැත් තවමත් උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්නට කටයුතු කර නොමැත. සාමාන්‍ය ක්‍රමය අනුව පාලම් සෑදීම ක්‍රොන්ක්‍රීට් ආධාරයෙන් සිදු කළ යුතු වුවත් මේ ආණ්ඩුව යකඩ පාලම් සදා වසරකට පසු එම පාලම් වලින් ගමන් කිරීම අනතුරුදායක බව පවසයි. කොළඹ වරාය පහසුකම් සහිත එකක් කරනවා වෙනුවට නැවි එන්නැති වරායක් හම්බන්තොට ඉදි කරයි. අධ්‍යපනය වල පල්ලට යවමින් එහි ප්‍රමිතිය දිනෙන් දින පිරිහෙද්දී පෞද්ගලික විශ්ව විද්‍යාල සදන්නට පිඹුරුපත් සකසයි. විශ්ව විද්‍යාල ශීෂ්‍යයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් කප්පාදු කරමින් ඔවුනට බලහත්කාරයෙන් හමුදා පුහුණුව ලබා දෙයි. අධිකරණ තීරන වල ස්විධිනතාවය වෙනුවට අධිකරණ සිය පවුල් පාලනයට නතු කරයි.
මේ සියලු කාරණා මගින් අපට ගම්‍ය වන්නේ අන් යමක් නොව නීතිය වෙනුවට ව්‍යයතිරේඛ මගින් රට පාලනය කරන්නට මේ රාජපක්ෂ පාලනය උත්සහා ගන්නා ආකාරය නොවෙද මේ තර්කයට  අනුව කල්පනා කර බැලීමේ දී ඹබට තවත් ඕනෑතරම් උදාහරණ මේ සම්බන්ධයෙන් සොයා ගන්නට පුලුවන.

 

1 comment:

  1. ඔබේ බ්ලොග් එක හැම වෙලේම යොමු වෙන්නෙ පහලින් තියෙන කැලැන්ඩරේට. ඒකෙ දැන්වීම් ප්‍රදර්ශණය වෙන නිසා සමහර විට හැම වෙලේම එතනට යොමුවෙන ස්ක්‍රිපිට් එකක් වැඩ කරනව වෙන්න ඇති. නමුත් කියවන අය ඒකට කැමති වෙන එකක් නෑ.

    දැනටමත් කරල නැත්නම් පහතින් තියෙන දර්ශක අඩවි වලට මේ අඩවිය එකතු කරානම් තවත් කියවන්නො ගෙන්වගන්න පුළුවන්.... :D

    http://www.hathmaluwa.org/
    http://syndi.lankeeya.lk/
    http://blogs.sinhalabloggers.com/
    http://buwa-blogpromo.blogspot.com/
    http://ambagaha.blogspot.com/
    http://sindiya.com/
    http://kottu.org/

    ආ... මේ word verification කියන එක අයින් කළොත් තව කමෙන්ට් ලැ‍බෙයි :-)

    ReplyDelete