Total Pageviews

Tuesday, January 10, 2012

ලසන්ත, මහින්ද සහ ලංකාවේ ජන මාධ්‍ය


ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් ජනවාරී මාසය යනු කලු පැල්ලම් රාශියක් එක් වූ මාසයකි. මීට වසර තුනකට පෙර ජනවාරී මස 08 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී නාදුනන නමුත් දන්නා තුවක්කුකරුවකු විසින් ඝාතනය කරණු ලැබීය. මීට වසර තුකට පෙර සිදු වූ ඒ ඝාතනයත් තවත් එක් නඩු නැති ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. මේ ලිපිය මගින් ලසන්තගේ ගුණ දොස් විචාරය කරන්නට අදහස් නොකරන අතර මෙම ලිපිය මගින් අපේක්ෂා කරන්නේ ලංකාවේ සමස්ථ ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සාධනීය කතිකාවකට මුල පිරීමට පමණි.




ලංකාව් ජන මාධ්‍ය ඉතිහාසයේ මාධ්‍යවෙිදී රිචඩ් ද සොයිසා ඝාතනය, ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනය, රෝහණ කුමාර ඝාතනය, සම්පත් ලක්මාල් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා මාධ්‍යවෙිදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් ඕනැ තරම් අටුවා,ටීකා,ටිප්පනි, ලියවී අවසන්ය. වාර්ශිකව මෙම මාධ්‍යවේදී සමරා සමරු උත්සව සංවිධානය කිරීමේ සිට මෙම මාධ්‍යවෙිදීන් ගේ හොද නරක සාකඡිචාවකට බදුන් කරමින් ලියැවෙන ලිපි ප්‍රමාණය අපමණය. ලසන්ත ඇතුලු මෙම මාධ්‍යවෙීදී සමරන්නට සමරු උත්සව යම් පිරිසක් සංවිධානය කරදදිී තවත් පිරිසක් පවස්නේ මේ අය දේශද්‍රෝහීන් බවය. අපට අනුව මේ අය වීරයන් හෝ ද්‍රෝහීන් කිරීමෙන් අත්වන පලක් නැත.

තවත් සමහරුන් පවසන්නේ ලංකාවේ නැති වුනාට බටහිර රටවල නම් මාධ්‍ය නිදහස උපරිමයෙන් පවතින බවය. ඒ  අනුව ලංකාවේ ජන මාධ්‍ය සම්බන්ධයෙන් විවිධ ලිපි ලියන උගතුන් බුද්ධිමතුන් වැඩි පුරම ගණිකා වෘත්තියේ යොදවන මාතෘකාව වන්නේ ජනාධිපතිවරුත් එළවිය හැකි ඇමෙරිකාවේ වෝටර් ගේට් සිද්ධියයි. ඔවුන් සිතන හා දකින ආකාරයට ඇමෙරිකාවේ ජන මාධ්‍යවේදීන් යනු එරට හතර වන ආණ්ඩුවයි. දේශපාලනය හසුරුවනු ලබන්නේ ජන මාධ්‍යවේදීන් විසිනි. ඒ නිසා එරට මාධ්‍යවෙිදීන්ට උපරිම නිදහසක් හා ආරක්ෂාවක් ඇත. ඔවුන්ව මෙලෙස මහමග මරා දමන්නට බැරිය. මරා දැමුවද ආණ්ඩුවකට යහතින් ඉන්නට බැරිය. ඒ අනුව අහෝ ඇමෙරිකාව, එංගලන්තය, යනු මොන තරම් නම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල්ද?
අනෙක් අතට ලංකාවේ සිංහල බෞද්ධ බහුතරයට අනුව ඇමෙරිකාව යනු අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ කරුවන්ය. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය වී ඇත්තේ ලංකාවේ සිංහල බෞද්ධ මතවාදය සහමුලින්ම වනසා දමා මේ රට යුදෙව් ක්‍රිස්තියානි බල කදවුරක් කරන්නට වෙහෙසීමය. අප විසින් මේ ඉහත මතවාදයන් දෙකම විකාරයක් වශයෙන් සලක්නේ මේ වන විටත් ලෝකයේ හද ගැස්ම බවට ධනවාදය පත්ව ඇති බව ඇස් පනා පිටම පෙනෙන්ට තිබෙන නිසාය. ඒ අනුව පළමු මතය නියෝජනය කරන පිරිසට අපට කියන්නට ඇත්තේ ඇමෙරිකාවේ, එංගලන්තයේ ඇත්තේ ලංකාවට වඩා උසස් ආචාරධර්ම සහිත ජන මාධ්‍ය භාවිතාවක් නොවන බවයි. එම රට වල ජන මාධ්‍ය හා ධනවාදී ආර්ථික හා සමාජ රටාව එකිනෙක හා අනෝන්‍ය වශයෙන්  බද්ධ වී ඇති බවයි. එම රට වල ජන මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ආදී සියලුම සමාජ ව්‍යාපාර ගොඩ නැගී ඇත්තේ පවතින ධනවාදී ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය බලය සපයන ඉන්ධන හා දැති රෝද වශයෙනි. ඒ අනුව එරට ජන මාධ්‍යවෙිදීන්ට නිදහස් ජන මාධ්‍ය කරණයේ නියැලෙන්නට අසීමිතව වරප්‍රසාද සපයා දෙනු ලබන්නේ අන් අදෘශ්ෂමාන බලවෙිගයක් විසින් නොව පවතින ධනවාදී සමාජ හා ආර්ථික රටාව විසිනි. මේ වන විටත් දේශපාලන රක්ෂස්ථාන ලබා විදෙස් රට වලට පැන ගොස් දිවි ගලවා ගන්නට ලංකාවේ ජන මාධ්‍යවෙිදින්ට අවස්ථාව උදා වී ඇත්තේත් මේ ලෝක ධනවාදී ආර්ථික රටාවට පින්සිදු වන්නටය.


 ඉදින් ඒ අනුව තව දුරටත් ලංකාවේ නොමැති ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ මාධ්‍යවෙිදීන් භුක්ති විදින තමන් භුක්ති නොවිදනවා යැයි අප විසින් පරිකල්පනය කරනු ලබන සංකේතීය නිදහස යනු නව ලිබරල් ධනවාදයේ විනෝද සාධකක් වශයෙන් අපට හදුන් වන්නට පුලුවන.

නමුත් ඇත්ත වශයෙන්ම මේ රට වල මහා මාධ්‍යවෙිදින් යැයි සිතා සිටින උදවියට ධනවාදයට එරෙහිව සිය සටනට කිසිසේත් අවතීර්ණ වන්නට නොහැකිය. මේ නිසා කියුබන් විප්ලවයට පණ පොවා සියල්ල අතහැර බොලිවියාවේදී හුදකලාව දරුණු මරණයකට මුහුණ දුන් චේ යනු ඇමෙරිකාවේ දී අර්ථ ගැන්වෙන්නේ කාන්තා, පිරිමි ඇදුම් විලාසිතාවක් නැතිනම් පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ආදායම් වර්ධනය කර ගත හැකි බැරෑන්ඩ් එකක් වශයෙනි. මෙය ඇතැමුන් හදුන් වන්නේ කිසිවකු විසින් හිතා මතා කරණු ලබන දෙයක් වශයෙන් නොවේ. නමුත් ධනවාදයේ නාමයෙන් මේ සිදු වන්නේ සමාජවාදී සිය සතුරා වෙළදපොල තුල මරණයට යළිත් පත් කිරීම පමණි. අනෙක් අතට ධනවාදී සමාජ ප්‍රපංචය විසින් අපට මුණ ගස්වන කටුක යාථාර්තය වන්නේ තව දුරටත් රුසියානු සමාජයට ලෙනින් යනු පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කර පවතින ක්‍රමය පෙරලා දමා වඩා යහපත් සමාජයක් ගොඩ නගන්නට උත්සහා කළ වීරයෙකුට වඩා බටහිර පාරිභෝගික භාණ්ඩ භුක්ති විදින්නට වැට බැදි ධනවාදයේ සතුරෙකු වශයෙනි. අනෙක් අතට බර්ලින් තාප්පය බද දමා එදා නැගනහිර ජරමනිය හා බටහිර ජමනිය ඒකාබද්ධ වූ ඒ ඓෙතිහාසික දිනයේ බොහෝ තරුණ තරුණියන් සොයා ගියේ මොනවාද? දිලිසෙන සිල්ලර ධනවාදී පාරිභෝගික භාණ්ඩ හමුවේ සිය ආත්මය දියකර හරිනට වුව මේ තරුණ තරූනියන් සූදානම් වුයේ තවදුරටත් ධනවාදයට පමණක් මේ ලොකයයේ සියලු සමාජ සබධතා පාලනය කලහැකි  බව පසක් කරමිනි. ඉදින් ඇමෙරිකාවේ, එංගලන්තයේ ඇති ලිබරල් ජන මාධ්‍ය නිදහස යනු අන් යමක් නොව ධනවාදයේ ශ්‍රව්‍ය,දෘෂ්‍ය හා මුද්‍රිත රූපිකයන්ය. නමුත් ධනවාදයේ නාමයෙන් රජුන් තනන්නට තමන්ට හැකි යැයි සිතා සිටි රූපට් මර්ඩොප්ලාට සිදු වූ දෙය අපට පසක් කරන්නේ ධනවාදයට මේ සමාජයේ කරන්නට බැරි දෙයක් නැති බවයි.


ලංකාවේ අනෙක් අන්තයේ සිටින උදවිය කල්පනා කරන්නේ මේ රට ඇමෙරිකානු අධිරාජ්‍යවාදයෙන් ගලවා ගන්නට කුමක් කළ යුතු ද යන්න පිළිබදවය. ඒ අනුව විමල් වීරවංශ හා පාඨලී චම්පික මේ ව්‍යාපෘතිය සිය දේශපාලන කන්‍යභාවය ලෙස සලකමින් දිවි ගෙවයි. ඔවුනට අනුව මේ රට හැර විදෙස් ගත වූ මාධ්‍යවෙිදීන් යනු සි.අයි.ඒ නියෝජිතයන්ය. ඇමෙරිකානු තානාපති කාර්යාල සමග සම්බන්ධතාවයන් පැවැත්වූ දේශද්‍රෝහීන්ය. මේ වන විටත් ඔවුන් කරමින් සිටින්නේ විදෙස් රට වලට වී ලංකාව ඇමෙරිකානු යුදෙවි ක්‍රිස්තියානි කොලනියක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියකි. ඒ උදෙසා ඔවුනට ඩොලර් මලු පිටින් ලැබෙමින් පවතී. ඉතින් දිගින් දිගටම චමිපිකලා, විමල්ලා සිංහල බෞද්ධ රාජ්‍ය රැක ගැනීම උදෙසා සටන් කරමින් සිටයි. නමුත් මේ වන විටත් මේ ඇමතිතුමන්ලා සිංහලකම බෞද්ධකම කුමක් වුවත් ටෙන්ඩර් සුවඳ ඇතුලු ඇමති පුටුවේ රස නම් අත්හරින්නට කැමති බවක් පෙනෙන්නට නැත. ඒ අතර ගම් වලින් කොළඹ පැමිණ මේ සිංහල බෞද්ධ මතවාදී ලණුව කා සිටින නංගිලා මල්ලිලා අපිට චන්ඩිපාටි දමමින් කොමෙන්ට් එවයි. අපිට ඉතිහාසය උගන්වන්නට හදයි. නමුත් මේ අය නොදන්නා යථාර්තය වන්නේ ධනවාදය කියන්නේ කුමන අන්දමේ යක්ෂයෙකුද යන්නයි. අනෙක් අතට බටහිර රටවලට සිය යුදෙවි ක්‍රිස්තියානු ච්න්තනය ලෝකය පුරා ව්‍යාප්ත කරන්නට අවශ්‍ය නම් ලංකාව ඒ සදහා තෝරා ගන්නනේ කුමටද? මුලු ලංකාවේම ජනගහනය සිය ආගම මාරු කලත් එය දෙකෝටියකි. ඒ සදහා ඩොලර් වියදමි කරනවාට වඩා ජපානය චීනය චීනය වැනි රටකට ඩොලර් වියදම් කිරීමෙන් ඔවුනට පහසුවෙන් කොට් දහයක් විස්සක් සිය ආගමට බන්දවා ගන්නට පුලුවන. අනෙක් අතට ඔවුනට මහායානය තේරවාදය කියා වෙනසක් අවශ්‍ය නැත ඔවුනට අවශ්‍ය වන්නේ කුමන හෝ ආගමිකයන් වැඩි වැඩි යෙන් සිය ආගමට බදවා ගැනිමටයි. ඒ අතින් බැලූ කළ මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන කතා මනෝ භ්‍රාන්තීන්ය. අතීතයේ විදෙස් ජාතිකයන් ලංකාව ආක්‍රමණය කලේ ඇත්දත් හා කුරුදු වෙනුවෙනි. මේ කාලයේ සුද්දන් මේ රට ආක්‍රමණය කරන්නේ කුමකටද? ඇතැමුන් කියන්නේ ලංකාව යුධමය වශයෙන් වැදගත් මංසංදියක් වන බවයි. එහෙම නම් මේ වන විටත් ගාල්ල කොළඹ ආදී ප්‍රධාන නගර සියල්ලක්ම විදේශිකයන්ට විකුණා තිබෙන බැවින් මේ රට අමුතුවෙන් ආක්‍රමණය කරන්නට අවශ්‍ය නැත.
ලාංකීය සමාජයේ කතිකාව ගොඩ නැගෙන්නේ ජන මාධ්‍යයට අවැසි පරිදිය. මේ නිසා රත්තරන් සෝමා එදිරිසිංහට, රේස් බුකි තිලංගට, දේශපාලකයන්ට පඩි ගෙවන කෙලී මහරාජලාට අවැසි පරිද මේ රටේ සමාජ.දේශපාලන හා ආර්ථික බලවේග හසුරුවන්ට ඉඩ දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නොදැන වන්නට පුලුවනද? ධනවාදයේ ළදරු අවදියටත් වඩා සැබැවින්ම අංගවිකල ධනවාදයක් ක්‍රියාත්මක ලාංකීය සමාජය මේ වන විටත් යථාර්තය ඊට වඩා වැඩි දෙයක් වශයෙන් දකින්නට ගොස් වැටී තිබෙන අගාධයේ තරම අප අවබෝධ කර ගත යුතුය. අපට මේ වන විට හමුවන්නේ වැඩිහිටි වේෂයෙන් සිටින ළදරු මනසක් සහිත ඇවිදින ශරීරයන් පමණි. මේ නිසාම එක්තරා ස්ථානයක දෙසැමිබර් 31 සමරන්නට තරුණ තරුණියන් කා බි නටා රමණය කර සතුටු වද්දී ඒ හා සමානම තරුණ තරුණියන් පිරිසක් විරු සිසු ස්මාරකයට බෝම්බ දැමිමට එරෙහි පෙළ පාලි යති. ඇතැම් තරුණ තරුණියන් මේ අවස්ථා දෙකටම එක හා සමාන තෘප්තියකින් සහභාගී වෙති. මෙන්න මේ හිඩැස නැත්නම් ගැප් එක පුරවන්නට නම් ඒ සදහා දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යය. එනම් මේ දෙවර්ගයක තරුණ කොටස් අතර නිර්මාණය වී තිබෙන පරතරය මතින් ලංකාවේ තරුණ පරම්පරාවේ සැබෑ උවමනාවන් නිවරදිව සංජානනය කිරිමේ නිවරදි දේශපාලන මැදිහත් වීමක් කරන්නට දැන් කාලය එළඹ ඇත.



ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර තුනක් සපිරෙන මේ අවස්ථාවේ ලසන්ත, ප්‍රගීත් ඇතුලු ජන මාධ්‍යවෙිදීන් සමරා එක් ඉටි පහනක් හෝ දැල්වීම කළ යුත්තක්ව පවතින්නේ ලසන්තලාගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබුනත් ඔහු මරණයට පත් කරන්නේ මේ ක්‍රමය විසින් වන බැවිනි. මේ නිසා පවතින ක්‍රමයට එරෙහිව අරගලය දියත් කරන්නට ලසන්ත සාධකය පෙරමග වූවාට වරදක් නැත. ලංකාවේ පවතින සමාජ, ආර්ථික, රටාව තුල වෙනසක් වෙනුවෙන් අතීසාරයට අමුඩ ගැසීමෙන් අත් වන ප්‍රයෝජනයක් නැත. නමුත් මහින්ද රාජපක්ෂ රජය විසින් අමු අමුවේ උල්ලංඝණය කරණු ලබන සියලු ආචාර ධර්ම රැක ගැනීම උදෙසා හඬ අවධි කිරීමට කාලය එළඹ තිබේ. සමාජවාදී අරගලය වෙනුවෙන් මේ වන විටත් මරාගෙන මැරෙන සටනකට අවතීර්ණව සිටින ජන අරගල ව්‍යාපාරයට අතුරුදන් වූ සිය ලලිත් හා කුගන් සහෝදරයන් සොයා ගන්නට නොහැකිව සිටින අතර යළිත් ජනාධිපති ලේඛම් කාර්යාල නිළධාරීන් ගේ ලණුව කන්නට සිදු වන්නේ ඇයි? අවසානයේ සිය අයිතිවාසිකම් උදෙසා සටනට අවතීරණ වූවන් පරිසර හිතකාමීන් බවට රූපාවතරණය වී මහපාරේ කොළ කෑලි එකතු කරමින් සිය විරෝධතාවය නිමා කරන්නේ ධනවාදයේ නාමයෙන් තමන් හොද මිනිසුන් බවට ලෝකයට හඩගා කියන්නට නොවෙද? මේ ව්‍යාපාරයේ සහෝදරයන්ට නොතේරෙන දේශපාලනය සංස්කෘතික කරණය වීමේ ක්‍රියා වලියයි.


 මීට වසර කිහිපයකට පෙර අවසාන කොටි සාමාජිකයාද ඝාතනය කරණ තුරු සටන අත් නොහරිනන යැයි හමුදාවේ සහෝදරයන්ට ආයාචනා කළ මේ ව්‍යාපාරයේ අය අද අත් විදින්නේ දිඨිට ධමිමවෙිදනිය කර්මයක් දැයි අපට අසන්නට සිදුවේ.
ලසන්ත වැනි මාධ්‍යවෙිදින් අඩුම තරමේ මහින්ද අබේසුන්දරලාට, වසන්ත ප්‍රිය රාමනායකලාට, කරුණාදාස සූරියආරච්චිලාට වඩා ප්‍රගතීශීලි බව කිව යුතුය. පසුගිය දිනෙක සිය මාධ්‍ය ජීවිතයට වසර පනහක් පිරීම නිමිත්තෙන් පොතක් එළි දක්වන්නට ප්‍රවීණ මාධ්‍යවෙිදී මහින්ද අබෙිසුන්දර විශාල උත්සවයක් සංවිධානය කළ අතර මෙයට රජයේ ප්‍රබලයන් බොහෝ පිරිසක් ද සහභාගී විය. දෛනිකව මහින්දට කඩේ යන්නට ස්වාධින රූපවාහිනියේ විමසුම ලියන මහින්ද අබේසුන්දර එයට දිනකට රුපියල් තුන් දහසකට වැඩි දීමනාවක් ලබා ගන්නේ ලංකාවේ ජන මාධ්‍යකරණයේ නිරුවත ප්‍රදර්ශණය කරමිනි. වසන්ත ප්‍රිය රාමනායක කිසිම අපුලක් නැතිව පිදෙල්ට හොද දේ මහින්ද නරකද යනුවෙන් ලියන්නේ හා ඒ සම්බන්ධයෙන් අප විමසන විට ඊට පිළිතුරු ලෙස උබලට තේරුණාට ලංකාවේ ගොඩකට ඕක තේරෙන් නෑ යනුවෙන් පවසන්නේ මහින්දවත් කඩේ යවමිනි. ලංකාවේ තවත් ප්‍රවීණ මාධ්‍යවෙිදියෙකු වන සී.ඒ චන්ද්‍රප්‍රේම වරෙක පවසන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවෙිදියෙකු නොවන බවත් මාධ්‍යවේදියෙකු නම් රජයේ මාධ්‍ය හැදුනුම්පත ලබා ගෙන තිබිය යුතු බවත්ය. ඒ අනුව ලංකාවේ මාධ්‍යවෙිදියා යනු රජයේ හැදුනුම්පතක් දරණ ආණ්ඩුව විවෙිචනය නොකරන සමබරව ලෝකය දකින විවෙිචනය කළත් එය හානියක් නොවන අයුරින් කළ යුතු සිංහල ජාතිවාදී බෞද්ධ බලවෙිග නියෝජනය කරණ ( මෙහිදී උපතින් බෞද්ධ වීම හෝ බෞද්ධාගමිකයෙකු වීම වැදගත් නැති අතර ජැක් සන් ඇන් හනී වර්ගයේ අයෙකු වූවාට කම් නැත.) අයෙකු වීම වැදගත්ය. ඒ අනුව තව දුරටත් ලසන්ත හෝ ප්‍රගීත් මාධ්‍යවෙීදීන් නොවන නිසා මරා දැමුවාට හෝ අතුරුදන් වූවාට කම් නැත. මේ වන විටත් අතුරුදන්ව සිටින ලලිත් හා කුගන් ගැන හඩ නගන්නට කිසිවෙකුත් නැත. අඩුම තරමේ පැරණි ජනතා විමුක්ති පෙරමුනත් හැසිරෙන්නේ තොපිට හොද වැඩේ ගානටය.


 එදා උතුරේ යුද්ධයේ අවසන් අදියරේදී දෙමල විමුක්තිකාමී හතලිස් දහසකට අධික පිරිසක් මිය ගිය විට කිරිබත් කනවා හා රතිඥ්ඤා පත්තු කරනවාට වඩා වැඩි යමක් ගැන අවිඥාණිකව සිටි මේ අරගල කරුවන්ට මෙදා තමන් වෙනුවෙන් කිසිවකුත් හඩ නගන්නට නැති වීම සම්බන්ධයෙන් යළි මතක් කර දිය යුත්තේ මාර්ටින් නිලමෝර් පියතුමාගේ සුපුරුදු කතාවමය.
ලංකාවේ වම පසුගිය වසර තිහක කාලය තුල සිය අවධානය යොමු කළේ සංස්කෘතික දේශපාලනයටයි.( උදාහරණ ස්ත්‍රී වාදය,පරිසරවාදය,සමලිංගිකත්වය,අනන්‍යතා දේශපාලනය) මෙම යථාර්තය තුල මිනිසුන්ගේ සැබෑ ගැටළු වූ ආර්ථික ප්‍රශ්ණ,ආගම,මනුෂ්‍යත්වය, ආදිය සදහා විසදුම් ඉදිරිපත් කලේ අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයි. ලංකාව රටක් හැටියට ඇද වැටී ඇති ආගාධයේ ගැඹුර තීරණය වූයේ වමෙහි මැදිහත් වීම සංස්කෘතියට ඌණනය වීම නිසාය. ලංකාව පුරා විහිදී ඇති ජාතිවාදී විෂ දුමාරය නිසා නිලංකාර වූ නිලංකාර වූ ජනතාවක් නිර්මාණය වූයේ ඉහත තතු නිසාය. අද පක්ෂ-විපක්ෂ සියලු දෙනාගේ පොදු සාධකය ජාතිවාදයයි. මිනිසාගේ සැබෑ දැවෙන ප්‍රශ්ණ යටපත් වී, ව්‍යාජ ප්‍රශ්න මාධ්‍ය තුලින් කරණම් ගහන තත්ත්වයක් උදා වී ඇත. දැන් ගැටලුව වන්නේ මෙම ජාතිවාදය පරාජය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා සරළ උත්තර නැත. ජාතිවාදය වෙනුවට ධනවාදය අපගේ සමාජය ඇතුලතින් කා දමන ආකාරය ජනතාවට වටහා දීම පහසු නැත. එය දූෂ්කර දීර්ඝ මාවතකි. කිසිදා ජනප්‍රිය දේශපාලනයෙන් මත් නොවු අප කවදත් යෝජනා කරන්නේ වෙනස් වීම ආරම්භ විය යුත්තේ අපගේ ඇතුලතින් බවයි. අපගේ ගමන් මගට එකතු වන අය විරල වුවත් අප අපගේ සටනෙහි සාරය දියාරු කරන්නේ නැත.


ජනප්‍රිය වීමට ඕනෑම පහත් වැඩක් කරණ මිනිසුන් බහුල සමාජයක අපගේ වැඩ එකවර බහුතරය අතරට යන්නේ ද නැත. අපගේ සටන සදහා බොහෝ දෙනෙකුගේ ආශ්ර්වාදය ද අපට අවශ්‍ය නැත. සටනෙහි ඝණත්වය දියමන්ති තරම් ශක්තිමත් වන විට ඒ වටා මිනිසුන් එකතු වන බව පමණක් ඉතිහාසය දන්නා අප දනිමු. සටන නියම සටනක් නොවන්නේ නම් සටන් නොකර සිටීම යහපත්ය.පසුගිය කාලයේ අප නිහඩ වූයේ ඒ නිසාය. අප නැවත සටන් කරන්නේ සටන එහි ගැඹුරුම අර්ථයෙන් සටනක් වූ විටය.( තිලක් කෝදාගොඩ-ත්‍රිමාණ-2010-මාර්තු-අප්‍රේල්)
ඉහත වියමන නැවත නැවත් කියවීම ව්‍යාපාරයේ අයට දේශපාලනය ඉගෙන ගන්නට පාඩමක් වනවා ඇත. පැරණි ං දේශපාලනය අතහැර ගිය මින්නේරියේ බයියන් දේශපාලන දෙවිවරුන් යැයි සිතා සිටින ජන අරගලකරුවන්ට දේශපාලනය තව දුරටත් ඉගෙන ගන්නට සිදු වන්නේ මේ නිසාය.ලසන්ත ඝාතනයෙන් වසර තුනක් සපිරෙන දිනෙක මේ සටහන මේ ආකාරයෙන් ලියන්නට අවැසි වූයේ දේශපාලන ව්‍යාපෘතියකින් තොරව තව දුරටත් මාධ්‍ය මගින් අරගල කරන්නට බැරි බව වටහා දෙන්නටය. අප අන්තර් ජාලය භාවිතා කරන්නේ දේශපාලන වෙනුවෙන් මිස දේශපාලනය අන්තර් ජාලය වෙනුවෙන් භාවිතා නොකරන්නෙමු. මේ නිසාම අප මාධ්‍යවෙිදීන් නොවන අතර අප ලියන සෑම සටහනක්ම වඩ වඩාත් දේශපාලනික වන්නේ මේ නිසාය. මේ රටේ මාධ්‍ය වෙිදීන්ට තව දුරටත් සමබර ප්‍රවෘත්ති වාර්තා කරණයේ නියැලෙන්න යැයි ආරාධනා කරමින් මේ සටහන නිමා කරමි.



 

8 comments:

  1. සාධනීය මතුකිරීමක් වුවද, තම හිස තුල ඇති පසුගාමී කුහක අදහස් ප්‍රමාණයක් මතු වීම තුල, සත්‍ය වශයෙන්ම තමා කවුද යන්න හෙළිවීම වැලැක්වීමට කතුවරයා ගන්නා ප්‍රයත්නය අසාර්ථකවිමද දැකිය හැක.එකම එක සරල උදාහරණයක් පමණක් සදහන් කරනනෙමි.
    "...මින්නේරි බයියන්....."
    කෙසේ වෙතත් අවධානයෙන් කියවන්නෙකුට මෙම ලිපියෙන් සාධනීය බොහෝ දේ එක් කරගත හැකිය යන්න මගේ අදහසයි.ඒ සදහා ඔබ කල යුත්තේ කුහකත්වයේ තීන්තයෙන් ලියවුන පසුගාමී අදහස් පෙරා ඉවත්කර දැමීමයි.

    ReplyDelete
  2. හරියට හරි අපි ගමෙන් කොළබට ආපු අය​. හැබැයි අපිට කොළබ කියන්නේ තවත් එක කඩමන්ඩියක් විතරයි. ඒ නිසා ගමෙන් ආවා කියන්ඩ ලැජ්ජා නෑ. අපිට ඔයාලට වගේ කොළබ ලොකු නෑ. 1998 ඉදලා 2005 වෙනකම් අපි අයියා(ලා) පස්සේ තමයි ආවේ. ඒ ආපු අපිට අයියලා අන්තිමට කරේ මොකක්ද​? ආදරය​, ජීවිතය​, දේශපාලනය​, කලාව​, කැපවීම, අධිස්ඨානය ගැන මහ මෙරක් කථා කරපු අයියලාම අපිට කියනවා අරූ පැණියා, මූ අමාරිස් අයියා, මේකා හැලපයා, ඒ බණ්ඩා, මෙයා පබා මෙයාට හිස්ටීරියාව​, අරුන් ඔක්කොම බඩුකාරයෝ. ඉතින් අයියලා "සොරි ලෙනින්" කියද්දි මල්ලිලා වන අපිත් "සොරි ලෙනින්" කිවුවා. කවදා හරි අයියලාම කිවුවොත් "සොරි අනගාරික ධර්මපාල"​, නැත්තන් "සොරි නලින්" කියලා එදාටත් අපි සොරි! සොරි! කියලා අයියා(ලා) පස්සෙන්ම එන්නන්. එදාට අපිට Sorry.Com තමයි
    "ලංකාවේ වම පසුගිය වසර තිහක කාලය තුල සිය අවධානය යොමු කළේ සංස්කෘතික දේශපාලනයටයි"
    අන්න හරි. 1998 - 2005 දක්වා මේ සංස්ක්‍රුතික දේශපාලනයේ මහ ඒජන්තයා වුනේ කවුද. පැරණි X කණ්ඩායම නෙමේද​? මාක්ස් ගැන කථා නොකර ජෙනී ගැන​, ලෙනන් ගැන, බොබ් මාලේලා ගැන වැඩිපුර කථා කරේ කවුද​? පන්ති අරගලය ගැන කථා නොකර Sexuality ගැන,Music ගැන​ ආදරය ගැන​, කථා කරේ අපිද​? ඔව් ලෙනින් පවා කිවුවේ ආගම කියන්නේ ජනතාවගේ අධ්‍යාත්මය කියලයි. (මම අහල තියෙන විදිහට​) සාර් රජු මරනෙට තීන්දු වෙද්දි ඔහුට අයත් මාලිගා, බඩු භාණ්ඩ විනාස නොකලේ ඒවා රුසියානු ඉතිහාසයේ ඓතිහාසික සාක්ශි නිසයි. ඒත් අපේ අයියලාට අනුව අපිට ඉදල තියෙන්නේ ගැහැනියක් දුටු තැන රමණය පමනක් මතක් වෙන ගෝත්‍රික මිලෙජ්ජ රජවරු. ඒ අයට අනුව සර්පයන්ට පවා වෙදකම් කල බුද්ධදාස වැනි රජවරු කියන්නේ අපි හදපු කථා. මහා සාගර පරදන වැව් තනපු රජවරු අපිට ඉදලා නෑ. අහස සිසාරා යෝදව නැගී සිටින දාගැබ් හදපු රජවරු අපිට ඉදලා නෑ. ලොවම මවිත කරපු සී ගිරිය​, අවුකන​, සමාදි ප්‍රතිමාව හදලා තියෙන්නේ වෙනින් කවුරුවත්. ගැහැනියක් දුටු තැන නිදි වදින රජවරු අතර ගාඩි ලදකට පෙම් බැද රජකම පවා අහිමි උන සාලිය කුමාරයා කියන්නේ අපි ඒ කැත ඉතිහාසය වහන්ඩ හදපු කථා. කොටින්ම අනුරාධපුර​, පොලොන්නරු ශිෂ්ඨාචාර පවා සිංහල අපේ දේවල් නෙමේ. ලෝකේ හැම ජාතියක්ම අද උන් මොනවා කරත් උන්ගේ ඉතිහාසයට ගෞරව කරනවා, ඒ ගැන ආඩම්බර වෙනවා. ඒත් උබලා තරම් තමන්ගේ ඉතිහාසයට අපහාස කරන කට්ටියක් මම ජීවිතේට දැකලා නෑ. සංකේත පියා ගැන 1000 ගනන් ලිපි ලිවුවත් ඉතිහාසය යනු ජාතියක තොටිල්ල කියලා තේරුම් ගන්ඩ උබලාට බෑ. උබලා ගේ තියෙන්නේ උග්‍ර සිංහල විරෝදයක් විතරයි. වෙන දෙයක් නෑ.40000 මැරුන බවට මූලාශ්‍ර මොනවාද​? යුද්දයේදී සැලකිය යුතු අහිංසක සිවිල් ජනතාව පවා මිය ගිය බව මාද පිලිගන්නවා. නමුත් ඒකට සම්පූර්නයෙන්ම වග කියන්ඩ ඕනේ රජයේ හමුදාවද​? ඊනියා ගරිල්ලා යුද්ද කියමින් සාමාන්‍ය ජනතාව පලිහක් කරගෙන උන් මතින් බිය ගුල්ලන් මෙන් සැගවෙමින් රජයේ හමුදාවට පහර දෙද්දී දෙපැත්තෙන්ම සිවිල් ජනතාවට හානි වෙන්ඩ ඇති. ඒත් 40000? ඔය වාර්ථා උබලට එන්නේ කොහෙන් ද කියලා අපි දන්නවා. අහිංසක කැබති ගොල්ලෑවේ සිංහල මොනිස්සු අමුඅමුවේ බස් ඇතුලේ ක්ලේමෝ පුපුරලා මරා දාද්දි කටේ කෙල බිංදුවක් ඒ වෙනුවෙන් නොහලපු උබලට අනුව කියන්නේ LTTE කියන්නේ දෙමල විමුක්තිකාමීන්. අරන්තලාවේ අහිංසක සාමනේරවරු තිරිසන් ලෙස මරා දාපු, ශ්‍රී මහා බෝධිය​, දළදා මාළිගාවට පහර දීලා අහිංසක මිනිස්සු මරපු උන් විමුක්තිකාමීන්. සිංහලයාට නැති දෙමලාට පමනක් ලබා ගැනීමට ඇති ඊනියා විමුක්තියක් කොහේද තියෙන්නේ. 60% වන බහුතර දෙමල ප්‍රජාව දකුනේ සාමකාමීව ජීවත් වෙද්දී 40% වන උතුරේ දෙමලුන්ට රටෙන් 1/3 එකක් දීල "පොන්නයෝ" වගේ නිකන් හිටියේ නැති නිසානේ මේ හැම කථා වක්ම​. සිංහලයා තම ජාතිය වෙනුවෙන් කට ඇරපු ගමන් උන් ජාතිවාදී නැත්තන් උබලම කියන විදිහට "ලංකාව පුරා විහිදී ඇති ජාතිවාදී විෂ දුමාරය නිසා නිලංකාර වූ නිලංකාර වූ ජනතාවක්" මොන බයිලද අයියා මේ. උබලට අනුව සිංහල අපිට ජාතිය ආගම ගැන කථා කරන්ඩ බෑ. ඒක ජාතිවාදී, ගෝත්‍රවාදී. එතකොට දෙමලට, මුස්ලිම් උන්ට විතරයි ඒ ගැන කථා කරන්ඩ පුලුවන්. මොකද එයාල සුලු ජාතින්නේ. සුලු ජාතිය, ජාතිය​ ගැන හිතුවට කමක් නෑ. ඒක විමුක්ති සටනක්. මොන බයිලද​? එකම දෙයයි කියන්ඩ තියෙන්නේ. උබලා සිංහල අපේ ජාතිකත්වයට පහර ගහලා ඒක නැති කරන්ඩ කැස කැවුවාට​, උබලට කවදාවත් බෑ ඔය සුලු ජාතීන් ගේ ජාතිය ගැන හිතන එක නතර කරන්ඩ​. උන්ට අනුව වම කියන්නේ තවත් එක "කොන්ඩම්" එකක් විතරයි. තමන්ගේ ඊලාම් සිහිනය සැබෑ කරගන්ඩ ඕන එකෙක් එක්ක මේ මොහොතේ උන් නිදි වදියි. අපිව මාක්ස්ගේ කොමියුනිස්ට් රාජ්‍යට දක්කන් යන්ඩ හදන ඔයාලා එදාට ඔය සුලු ජාතීන් කියන අයටත් කියන්ඩකෝ උන් ගේ ජාතිය ගැන හිතන එක දැන් අත් හැරලා, අපි ධනවාදයට එරෙහිව පන්ති සටනට පෙල ගැහෙමු කියලා. එදාට ලැබෙන පිලිතුර අපිනම් දන්නවා. විශේෂයෙන් මුස්ලිම් අයගෙන්.

    ReplyDelete
  3. http://www.facebook.com/notes/%E0%B6%9C%E0%B7%9D-%E0%B6%B8%E0%B6%BB%E0%B7%93/%E0%B6%B4%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B6%B1-%E0%B6%B1%E0%B6%B4%E0%B7%940%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-fb-%E0%B6%B1%E0%B7%80-%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80/128288053956140

    ReplyDelete
  4. 2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene. oba apage viyaparayata awe nathi uwata kam natha. Oba gamen a bawata duk nowanna, namuth gamen a ayage e sinhala bauddha lanu kema obagenuth pene. mehidi kiyana deya sabavin sithanna. kathuwarayata anuwa ohuta me game nagaraye gap adu kirimata ohu yedo wakiya obage game heenamanaya ha gatena akaaraya obage comment eken manawa pene. meya apage anagatha adyanayan walata wadagath we.
    oba pau nokara, honada sinhala, baudhayek we nivan sapa labaganna
    obata nivan sapa labewa

    ReplyDelete
  5. 2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene. oba apage viyaparayata awe nathi uwata kam natha. Oba gamen a bawata duk nowanna, namuth gamen a ayage e sinhala bauddha lanu kema obagenuth pene. mehidi kiyana deya sabavin sithanna. kathuwarayata anuwa ohuta me game nagaraye gap adu kirimata ohu yedo wakiya obage game heenamanaya ha gatena akaaraya obage comment eken manawa pene. meya apage anagatha adyanayan walata wadagath we.
    oba pau nokara, honada sinhala, baudhayek we nivan sapa labaganna
    obata nivan sapa labewa

    දවසේ විහිලුව​. හික්! හික්! හික්!

    ReplyDelete
  6. 2nd comment liwwa obege hitha thula pawathina jathi vadi bawa, obage ananyatha arbudaya saha heena manaya apata pene. oba thawath gothra wadiyek bawada pene

    මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්

    ReplyDelete
    Replies
    1. මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
      දවසේ විහිලුව​. හික්! හික්! හික්!

      Delete
  7. මරු මරු. උබ දෙවියන් වහන්සේ වෙන්ඩ ඇති. ආමෙන්
    දවසේ විහිලුව​. හික්! හික්! හික්!

    ReplyDelete